International Conference on Climate Change and Humanity

The aim objective of the SRI LANKA NEXT 2016 International Conference on Climate Change Neela Haritha Ugaya is to provide a platform for researchers, engineers, academicians as well as industrial professionals from all over the world to present their research results and development activities in Climate Change and Humanity. 2016 International Conference on Climate Change and Humanity will be held at the BMICH, Colombo Sri Lanka during October 17 - 19, 2016.

The 2016 SRI LANKA NEXT International Conference on Climate Change Opportunities in the Neela Haritha Ugaya is the premier forum for the presentation of technological advances and research results in the fields of Climate Change and Humanity. 2016 SRI LANKA NEXT will bring together leading engineers and scientists in Climate Change and Humanity from around the world.

Topics of interest for submission include, but are not limited to:

  • Ecology and Biodiversity Conservation
  • Environmental Pollution & Management
  • Renewable Energy Sources
  • Energy Policy, Planning & Management
  • Climate Change and Global Warming
  • Environmental Hydraulics
  • Sustainable Development
  • Remote Sensing and Environment
  • Environmental Ergonomics
  • Computational Techniques
  • Air pollution from mobile and stationary sources
  • Climate change
  • Noise and acoustics
  • Electromagnetic waves and telecommunication
  • Hazardous waste and waste treatment
  • Industrial waste treatment
  • Water pollution and treatment
  • Solid waste management
  • Environmental management systems
  • Air pollution control and equipment
  • Pollution prevention in industry
  • Population and environment in developing countries
  • Urbanisation and flood risk implications for coping in coastal zones
  • Green growth and policy challenges in coastal zone management
  • ICT, climate risk communication and public awareness framing
  • Government sector policy experiences with climate change
  • Civil society and NGO sector experience with climate change
  • Industry and private business sector experience with climate change including finance
  • International diplomacy, climate change and adaptation finance
  • Gender, poverty and climate change mainstreaming
  • Millennium Development Goals (MDGs) and the context of climate change
  • Agriculture, fisheries and food security in the context of climate change
  • Climate change, water and sanitation, and health in developing countries
  • Indigenous knowledge systems and climate change adaptation
  • Before February 15, 2016
  • Before 31 March 2016
  • On April 10, 2016
  • Before May 15, 2016
  • October 17 - 19 2016
  • June 6th 2016

Email: slnextsubmissions@gmail.com

Publication Ethics - Penalty against Plagiarism

We firmly believe that ethical conduct is the most essential virtual of any academic. Hence any act of plagiarism is a totally unacceptable academic misconduct and cannot be tolerated.

ජාතික පාරිසරික සමුළුව - 2016

දුර අතීතයේ සිට මානවයා පරිසරය හා එහි ජීවත්වන අනෙකුත් ජීවීන් ඇතුළු ස්වාභාවික සම්පත් සමග සහජීවනයෙන් බැඳී ජීවත් වූහ. පරිසරයේ සම්පත් සිය ජීවන ක්‍රමය හා කෙතෙක් දුරට බද්ධ වී තිබුනේද යත්, ගස්, වැල් ඇතුළු සමහර පාරිසරික සාධක වලට දේවත්වයෙන් සැලකීමට පවා ඔවුහු පෙළඹී සිටියහ.

ශ්‍රී ලංකාව කොරල්පර, කළපු, මුහුදු වෙරළ වැනි වෙරළාශ්‍රිත පරිසර පද්ධති, වනාන්තර, ගංගා, ජල පෝෂක ප්‍රදේශ, තෙත්බිම්, කඩොලාන, දියඇලි, මැණික් ඇතුළු ඛණිජ සම්පත් මෙන්ම සරු පස වැනි මිලකළ නොහැකි ස්වභාවික සම්පත් වලින් අනූනය. එමෙන්ම රජරට වාරි කර්මාන්තයේ ඉතා සුවිශේෂී අංගෝපාංගයන්ගෙන් යුතු අපටම විශේෂිත වූ මිනිසා විසින් නිර්මිත පරිසරයකින් යුක්ත දිවයින අපගේ “උරුමය” වේ.

අතීතයේ ශ්‍රී ලංකාවේද බුදු දහමේ වටිනා ගුණාංග වලින් පෝෂණය වූ, මැදුම් පිළිවෙතින් සැදුම්ලත් තිරසාර කෘෂි ආර්ථික ජීවන රටාවක් පැවති අතර අප රටේ සංස්කෘතියද නිරතුරුවම පරිසරය හා එහි ආශ්‍රිත දේ වන ගංගා, ජලාධාර, තෙත්බිම්, කඳුවැටි මෙන්ම සතා සිවුපාවුන් සමගද බැඳී පැවතිනි. එහෙත් දහඅට වන සියවසෙන් පසුව ඇතිවූ කාර්මික විප්ලවය, විද්‍යාවේ දියුණුව හා ඒ සමග ඇතිවූ සීඝ්‍ර ජනගහන වර්ධනය වැනි කරුණු හේතුකොට ගෙන සහ පාරිසරික සම්පත් අධි පරිභෝජනය මගින් ඇතිවූ පාරිසරික හායනය, භූමි, ජල හා වායු ගෝලය දූෂණය, කැළි කසල ඇතුළු අනර්ථකාරී අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම මඟින් ජලය හා සාගර සම්පත් දුෂණය වීම වැනි අභියෝග රැසකට වර්තමානයේදී සමස්ථ ලෝක ප්‍රජාව මුහුණ පා සිටිති. නූතන සංවර්ධන ක්‍රියාවලියේ වේගවත්කම හා බැඳුන මහාපරිමාණ බලශක්ති උත්පාදනය සහ පොසිල ඉන්ධන දහනය හා බැඳී පවතී. මේ හේතුවෙන් හරිතාගාර වායු විමෝචක වායුගෝලයට එක්වීම සහ ඒවා තුලනය කරන වන ගහණය අඩුවීම මෙන්ම ඒ තුලින් ඇතිවන ගෝලීය උෂ්ණත්වය වැඩි වීම, ධ්‍රැව ආශ්‍රිත අයිස් දියවීම නිසා සාගර ජල මට්ටම් ඉහල යාම සහ එමගින් පහත්බිම් ප්‍රදේශ පවතින රටවල් ජලයෙන් යටවීම මෙන්ම නියඟය හා ජලගැලීම් වැනි ස්වභාවික ආපදා වැනි බිහිසුනු ඛේදවාචක ගෝලීය වශයෙන් අප සැම මුහුණ දී ඇති අභියෝග වේ.

ගෝලීය උණුසුම වැඩිවීම හේතුවෙන් ඇතිවන දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ගෝලීය ප්‍රජාව එක්ව 2015 වසරේදී පැරිස් නුවර පවත්වන ලද එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියෙහි 21 වන සමුළුවේදී විශ්වීය ගිවිසුමකට එකඟතාවය පලකරන ලදි. එම ගිවිසුම “දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් ගිවිසුම” ලෙස නම් වන අතර ඒ සඳහා ශ්‍රී ලංකාවද සියළු පාර්ශවකාර රටවල් හා එක්ව එම ගිවිසුම 2020 න් පසුව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

අධිවේගී සංවර්ධන ක්‍රියාදාමය මෙන්ම, ස්වාභාවික සම්පත් අධිපරිභෝජනය තුලින් එම සම්පත් අපගේ මතු පරපුර වෙත සදහටම අහිමිවීමට ඇති හැකියාව අප විසින් සුළු කොට තැකිය යුතු නොවේ. පටු ලාභාපේක්ෂාවෙන් තොරව ඉතා පුළුල් පාරිසරික දැක්මක් සහිතව යායුතු වන රටක සංවර්ධනයේ ඉදිරි ගමන, නීතිරීති පැනවීම පමණක් මගින් කිසිම ජාතියට සිදුකළ නොහැක. අපගේ වනාන්තර, සාගර සම්පත්, ගංගා ජලාධාර මෙන්ම අපට ජීවය සපයන වායුගෝලයේද ඇති අමිල වටිනාකම් කෙරෙහි සමස්ථ ප්‍රජාව තුල ඇති ආකල්ප වර්ධනය මෙන්ම චර්යා රටා වල වෙනසක් ඇති නොකළහොත් මෙම කාර්ය සාර්ථකව සිදුකර ධරණීය සංවර්ධනයක් කරා ලඟාවීම දුෂ්කර වනු නොඅනුමානය.

සමස්ථ ශ්‍රී ලාංකීය ජන සමාජයේ සියළු ස්ථරවල සෑම පුරවැසියෙකුගේම අවධානය පාරිසරික වශයෙන් බැඳී ඇති සියළු ස්වාභාවික සම්පත්වල තිරසාර භාවිතය මගින් සංවර්ධනයේ නවෝදය කරා පා නැගීම සිය ප්‍රතිපත්තිය කොටගත් අතිගරු ජනාධිපති මෛතීපාල සිරිසේන මැතිඳුන්ගේ උදාරතර අරමුණ සාක්ෂාත් කරගනු වස්, එතුමාගේ උපදේශකත්වය හා පූර්ණ දායකත්වය මත ක්‍රියාත්මක කිරීමට යෝජිත අභිමානනීය වූ සමාජ එකමුතුව “ නීල - හරිත යුගයක් ” නමි.

ශ්‍රී ලාංකීය අපට උරුම වූ පරිසරය සංරක්ෂණය හා තත්කාලීන සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගනිමින් අපේ අනාගත පරපුර වෙත ස්වභාවික සම්පත් සුරක්ෂිත වූ තිරසාර රටක් උරුමකරලීම සඳහා වෘත්තීයවේදීන් වශයෙන් හෝ ස්වේච්ඡාවෙන් කැපවෙමින්, සද්භාවයෙන් කටයුතු කරන සමාජයේ සෑම තලයකම පුරවැසියන් ඇගයීම, ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයට ශක්තිය ධෛර්යය සපයමින් ශ්‍රී ලාංකීය පරිසර සංරක්ෂණය හා කළමනාකරණය කෙරෙහි මහජන විඥාණය පුබුදුවීම හා ඔවුන්ගේ ක්‍රියාකාරී දායකත්වය ලබාගැනීම.

       “නීල - හරිත ආර්ථිකයක් කරා”
      (Towards Blue – Green Economy)

          “සංවර්ධනයේ ප්‍රතිලාභ සියළු ජන කොටස් වෙත එක හා සමානව ලැබෙන, දරිද්‍රතාවය පිටුදැක, මානව ජීවන තත්වය නගා සිටුවීමේ අරමුණ ඇතිව, මිහිමත පවතින සියළු පාරිසරික සම්පත් මතු පරපුර වෙත අවධානමකින් හෝ හිඟයකින් තොරව පරිහරණය කිරීමට හැකිවන පරිදි, සහ කාබන් පිය සටහන් අවම වන ලෙස සියළු මානව  ක්‍රියාකාරකම් සැලසුම් සහගත ලෙස සකස් කරන ලද ආර්ථික ක්‍රියාවලියක් සහිතව, සංවර්ධන ඉලක්ක කරා  දිශාගත කෙරෙන දේශයේ ඉදිරි ගමනේ මෙහෙයුම”.

4.    ක්‍රියාකාරී සැලැස්ම

මෙම වැඩසටහන සඳහා සැලසුම් කර ඇති ප්‍රධාන අංග:-

  • නීල - හරිත ආර්ථිකය: විද්වත් සමුළුව (Conference on Blue – Green Economy)
  • නීල හරිත පරිසර - ආර්ථික විෂයට අදාල පර්යේෂණාත්මක/ විද්‍යාත්මක ශාස්ත්‍රීය සම්මන්ත්‍රණය (Symposium on Blue – Green Environment - Economy)
  • නීල - හරිත පාරිසරික ආර්ථික ප්‍රදර්ශනය (Exhibition on Blue - Green Economy  and Environment)
  • නීල හරිත ආර්ථිකය: පාරිසරික චිත්‍රපට උළෙල (Film Festival on Blue Green Economy and Environment)
  • නීල හරිත ආර්ථිකයේ දරුවෝ (Students of Blue – Green Economy)
  • ජනාධිපති පරිසර සම්මාන උළෙල - 2016(Presidential Awards Ceremony  on Environment)

යෝජිත පාරිසරික සමුළුවට අදාළව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන්, අමාත්‍යාංශය යටතේ වූ සියලු ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් යුතුව පවත්වන ලද සාකච්ඡාවලදී මෙම යෝජිත සමුළුව, 2016 ජූනි 03 වන දින සිට ජූනි මස 05 වන දින (එනම් ලෝක පරිසර දිනය) දක්වා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට යෝජිතය.

මෙම පරිසර සමුළුව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් අමාත්‍යාංශය යටතේ වූ සියලු ආයතන ඇතුළු සියලු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල සහභාගීත්වයෙන් සිදුකරනු ලැබේ.

එසේම පරිසර සමුළුවේ සියලු කටයුතු මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ උපදෙස් පරිදි මෙහෙයවීමට අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු පත්කරනු ලබන අතර, ඔහුගේ අධීක්ෂණය යටතේ මෙම කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා අමාත්‍යාංශය තුළ නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් සමන්විත ලේකම් කාර්යාලයක් පවත්වාගෙන යාමටද කටයුතු සැලසුම් කර ඇත.

මෙම ජාතික පරිසර සමුළුව ප්‍රධාන අංග හයකින් සමන්විත වන අතර, එමඟින් ශ්‍රී ලාංකික ජන සමාජයේ සෑම ස්ථරයකම ප්‍රජාව, ශිෂ්‍ය ශිෂ්‍යාවන්, විද්වතුන්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන මෙන්ම කර්මාන්ත හා සේවා යන ක්ෂේත්‍රවල සහභාගීත්වය ලබාගැනීමට හැකිවන අයුරින් සැලසුම් කර ඇත.

(03) ක්‍රියාකාරී සැලැස්ම
             
  • නීල - හරිත ආර්ථිකය: විද්වත් සමුළුව (Conference on Blue – Green Economy)

අරමුණ        :   විදේශීය පර්යේෂකයන්/ විද්වතුන්ගේ දැනුම, අදහස් යෝජනා හා ක්‍රමවේද සම්බන්ධව තොරතුරු දැනගැනීම හා අදහස් හුවමාරු කරගැනීම, ඉදිරි සංවර්ධන හා පර්යේෂණ කටයුතු සඳහා සහයෝගිතා ලබාගැනීමේ අවස්ථා සලසාගැනීම

පැවැත්වීමට යෝජිත දිනය     :    2015.06.03 දින සිට 2015.06.04 දක්වා

පැවැත්වීමට යෝජිත ස්ථානය : ප්‍රධාන ශාලාව - බණ්ඩාරනායක අනුස්මරණ       සම්මන්ත්‍රණ ශාලාව

වගකීම : 

  • ශ්‍රී ලංකා පාරිසරික වෘත්තීයවේදීන්ගේ ආයතනය

       (Sri Lanka Institute of Environmental Professionals)

  • ජාතික සමුද්‍ර කටයුතු ලේකම් කාර්යාලය

මෙම සමුළුව සඳහා දේශීය මෙන්ම විදේශීය විද්වතුන් සහභාගි කරගැනීමට යෝජිතය. එම එක් එක් විද්වත් දේශනවලට අදාලව කතිකාවතක්/ සාකච්ඡාවක් ද පැවැත්වීමට යෝජිත වන අතර, එය මෙහෙයවීම විද්වතුන්/ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ගෙන් සමන්විත කමිටුවක් මඟින් සිදුකරනු ඇත.

  • නීල හරිත පරිසර - ආර්ථික විෂයට අදාල පර්යේෂණාත්මක/ විද්‍යාත්මක ශාස්ත්‍රීය සම්මන්ත්‍රණය

(Symposium on Blue – Green Environment - Economy)

     අරමුණ  :  හරිත ආර්ථිකය හා පරිසර සංරක්ෂණය
සම්බන්ධව පර්යේෂකයන්ගේ දැනුම, නව    
අධ්‍යයන තොරතුරු හා දැනුම හුවමාරුව හා ඒ    
සම්බන්ධව දැනුවත් කිරීම.

පැවැත්වීමට යෝජිත දිනය  : 2015.06.03 දින සිට 2015.06.05 දක්වා

පැවැත්වීමට යෝජිත ස්ථානය   :බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව කමිටු ශාලාව

වගකීම  : 

  • වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
  • ජාතික විද්‍යා පදනම

මෙම සම්මන්ත්‍රණයේදී දේශීය මෙන්ම විදේශීය පර්යේෂකයන් විසින් සකස්කළ පර්යේෂණාත්මක/ විද්‍යාත්මක ලිපි ලබාගැනීමට යෝජිත වේ.

මෙම විද්‍යාත්මක/ පර්යේෂණාත්මක ලිපි ඇගයීම සඳහා දේශීය විශ්ව විද්‍යාල ආචාර්යවරුන්/ විද්වතුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් ස්ථාපනය කෙරේ. එම කමිටු මඟින් වසරේ හොඳම විද්‍යාත්මක/ පර්යේෂණාත්මක ලිපිය තෝරාගැනීමට නියමිත අතර, ජූනි 05 වන දින පැවැත්වෙන ජාතික පාරිසරික සම්මාන ප්‍රධාන උළෙලේදී ඒ සඳහා සම්මාන ප්‍රදානය කිරීමට නියමිතය.

  • නීල - හරිත පාරිසරික ආර්ථික ප්‍රදර්ශනය (Exhibition on Blue - Green Economy  and Environment)

              අරමුණ  : සමස්ථ ශ්‍රී ලාංකීය ජන සමාජය වෙත පාරිසරික සුරක්ෂණය සමඟ ඒකාබද්ධ වූ හරිත සංවර්ධනය සම්බන්ධව ශ්‍රී ලංකාවේ දැනට පවතින තත්ත්වය සම්බන්ධව හා ඉදිරි දැක්ම පිළිබඳව අවබෝධය ලබාදීම.

පැවැත්වීමට යෝජිත ස්ථානය : බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව පිටුපස විවෘත භූමිය හා පිටුපස පිළිගැනීමේ ශාලාව

වගකීම  : 

  • ශ්‍රී ලංකා මහවැලි සංවර්ධන අමාත්‍යාංශය, 
  • අපනයන සංවර්ධන මණ්ඩලය,
  • කාර්මික සංවර්ධන    මණ්ඩලය
  • ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය

මෙම ප්‍රදර්ශනය සඳහා පාරිසරික සංරක්ෂණය, පරිසර දූෂණය පාලනය, ස්වභාවික සම්පත් කළමනාකරණය පෙරදැරි කරගත් සංවර්ධන ක්‍රියාවලියට අදාලව රාජ්‍ය/ පෞද්ගලික, රාජ්‍ය / රාජ්‍ය නොවන සංවිධාන යනාදිය මඟින් දැනට ක්‍රියාත්මක කරනු ලබන කාර්තව්‍යයන් සම්බන්ධයෙන් මෙන්ම පාසල් යන අංශවල සහභාගීත්වයෙන් ප්‍රදර්ශන කුටි පැවැත්වීමට යෝජිත වේ. මෙමඟින් නව පාරිසරික නිර්මාණ ජනතාව වෙත හඳුන්වාදීමටත්, පාරිසරික සංරක්ෂණයට අදාලව ජනතාව දැනුවත් කිරීමටත් අපේක්ෂිතය.

  • නීල හරිත ආර්ථිකය: පාරිසරික චිත්‍රපට උළෙල (Film Festival on Blue Green Economy and Environment)

                 අරමුණ   :ජාත්‍යන්තර වශයෙන් සාකච්ඡාවට භාජනය වූ පරිසරය හා සංවර්ධනය සම්බන්ධ සිනමාපට ඇතුළු ශ්‍රව්‍යදෘෂ්‍ය මාධ්‍යය මඟින් නීල හරිත ආර්ථික සංවර්ධනය හා පාරිසරික සංරක්ෂණය යන කරුණු සම්බන්ධව ජනතා ආකල්ප වර්ධනය කිරීම හා අවධානය යොමුකරවීම.

                 පැවැත්වීමට යෝජිත ස්ථානය : බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව සහ එළිමහන් ප්‍රදේශය

වගකීම : 

  • පරිසර අමාත්‍යාංශයේ පරිසර ප්‍රවර්ධන අංශය
  • ජාතික සමුද්‍ර කටයුතු ලේකම් කාර්යාලය
  • දකුණු ආසියා කලාපීය සහයෝගිතා (SAARC) ලේකම් කාර්යාලය

මෙම චිත්‍රපට ප්‍රදර්ශනය හා පාරිසරික විෂයට අදාල දේශීය මෙන්ම විදේශීය චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට යෝජිතය. පරිසරය සංරක්ෂණය සහ කළමනාකරණය මෙන්ම ස්වභාවික සම්පත් අධිපරිභෝජනය සම්බන්ධව ජනතාවගේ ආකල්ප වර්ධනය කිරීම අපේක්ෂිතය.

  • නීල හරිත ආර්ථිකයේ දරුවෝ (Students of Blue – Green Economy)

              අරමුණ :  ශ්‍රී ලංකාවේ අනාගතය වන පාසල් ශිෂ්‍ය ප්‍රජාවගේ කුසලතා, දැනුම ආකල්ප වර්ධනය හා හරිත ආර්ථිකයක් තුළින් ධරණීය සංවර්ධනය කරා යන ගමනේදී තම වගකීම් හා යුතුකම් පිළිබඳව සිසුන් තුළ මානසික ප්‍රබෝධයක් ඇති කිරීම.

පැවැත්වීමට යෝජිත ස්ථානය: බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ  මිහිලක මැදුර

පාසල් සිසුන් අතර සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන මාධ්‍ය්‍ය වලින් රචනා තරඟ, පද්‍ය රචනා හා කථික තරඟ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මෙම තරඟ වයස් මට්ටම් අනුව කාණ්ඩ කිහිපයකින් පැවැත්වීමට කටයුතු සංවිධානය කරනු ලැබේ. දිස්ත්‍රික් හා පළාත් මට්ටම්වලින් මූලික තරඟ පවත්වා එම තරඟවල ජයග්‍රාහකයින් සමස්ත ලංකා මට්ටමින් අවසාන මහා තරඟයට ඉදිරිපත් කෙරෙනු ඇත. සමස්ත ලංකා ජයග්‍රාහකයන් සඳහා ජූනි 05 වන දින පැවැත්වෙන ජාතික පාරිසරික සම්මාන උළෙලේදී සම්මාන ප්‍රදානය කිරීමට සැලසුම් සකස් කර ඇත.

  • ජනාධිපති පරිසර සම්මාන උළෙල - 2016(Presidential Awards Ceremony  on Environment)

දිනය      :   2016.06.05 ප.ව. 1.00 - ප.ව. 7.00
ස්ථානය :   ප්‍රධාන ශාලාව
                 බණ්ඩාරනායක  අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH)

වගකීම   :  මධ්‍යම පරිසර අධිකාරිය.
මධ්‍යම පරිසර අධිකාරිය මඟින්  සංවිධානය කර පවත්වාගෙන යන ප්‍රධාන සම්මාන උත්සව  ලෙස,  ජාතික හරිත සම්මාන උළෙල හා පරිසර නියමු ජනාධිපති පදක්කම් ලබාදීමේ උළෙල දැක්විය හැක.
ජාතික හරිත සම්මාන උළෙල ප්‍රධාන වශයෙන් පරිසර හිතකාමීව පවත්වාගෙන යන කර්මාන්ත ක්ෂේත්‍රයන්  ඇතුළු අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍ර ඇගයීම සඳහා වේ.  ජාතික පාරිසරික පනතේ නීතිය හා රෙගුලාසි අනුව හරිත සම්මාන සඳහා අයදුම් කළහැකි උක්ත ක්‍රියාකාරිත්වයන් විසින් පරිසර දූෂකාරක අදාල ප්‍රමිති හා උපමාන දක්වා අඩුකර ගනිමින් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් සහිතව කර්මාන්ත ක්‍රියාකාරිත්වය පවත්වාගත යුතුය.  කර්මාන්ත තවදුරටත්  එම කර්මාන්ත ක්‍රියාකාරිත්වයන් මඟින් පරිසරයට මුදාහරින දූෂකාරක අඩුකර ගනිමින්, අමුද්‍රව්‍ය බලශක්ති ප්‍රශස්ථ මට්ටමින් යොදා ගනිමින්, කාබන් විමෝචනය අවම කරගනිමින් පවත්වාගෙන යාමට කටයුතු කිරීම ඇගයීම මෙම සම්මාන උළෙල මඟින්  සිදුකරයි.
තවද මධ්‍යම පරිසර අධිකාරිය මඟින් දරුවන්ගේ පරිසර හිතකාමී ආකල්ප වැඩදියුණු කිරීම සඳහා පාසල් පද්ධතිය තුළ පරිසර නියමු වැඩසටහන ක්‍රියාත්මක කර පවත්වාගෙන යනු ලබයි. පරිසර නියමු වැඩසටහනේ අවසාන ඵලය වන පරිසර නියමු ජනාධිපති පදක්කම අතිගරු ජනාධිපතිතුමා මඟින් ලබාදීම ද මෙහිදි සිදු කරයි.
මෙයට අමතරව පොදු ජනතාව පරිසර හිතකාමී ආකල්ප වෙත නැඹුරු කිරීමට හා දැනුවත් කිරීමට කටයුතු කරන විවිධ මාධ්‍ය, ක්ෂේත්‍ර, සංවිධාන ඇගයීම් සඳහා ද මෙම සම්මාන උළෙල මඟින් කටයුතු  කරනු ඇත.

අ. පළමු අදියර  - හරිත සම්මාන.
මෙහිදී කර්මාන්ත ක්ෂේත්‍රය  හා පළාත් පාලන ආයතන මඟින් සිදුකරන කසළ කළමනාකරණ ක්ෂේත්‍රය ජනාධිපති රන් සම්මාන ඇතුළු තවත්  මට්ටම් කිහිපයක් සඳහා හරිත සම්මාන ලබාදිමට යෝජිතය.
මෙම ක්ෂේත්‍රය යටතේ පහත කර්මාන්ත කාණ්ඩ මඟින් පරිසර දූෂණ තත්ත්වයන් පාලනය කරගනිමින් පරිසරයට කාබන් විමෝචන අඩුකරමින් පවත්වාගෙන යාම,  ඇගයීමට බලාපොරොත්තු වේ.

  • දේශීය රෙදිපිළි පිරිසැකසුම් කාණ්ඩය (Textile Processing Sector)
  • නිමි ඇඳුම්  නිෂ්පාදන කර්මාන්ත කාණ්ඩය (Apparels Sector)
  • රසායනික කාණ්ඩය ( Chemical Sector)
  • ආහාර පාන නිෂ්පාදන කර්මාන්ත කාණ්ඩය ( Food & Beverages Sector)
  • අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ කාණ්ඩය (Waste Recycling Sector)
  • හෝටල් කර්මාන්ත කාණ්ඩය (Hotels Sector)
  • රබර් හා රබර් ආශ්‍රිත කර්මාන්ත කාණ්ඩය (Rubber and Rubber Based Products Sector)
  • ආරෝග්‍යශාලා  සහ ඹෟෂධ නිෂ්පාදන කර්මාන්ත කාණ්ඩය (Hospitals and Pharmaceutical Sector)
  • ලෝහ හා ඛණිජ ආශ්‍රීත කර්මාන්ත කාණ්ඩය (Metal and Mineral  Processing Industry Sector)
  • සත්ත්ව ගොවිපලවල් (Livestock  Farming)

ආ. දෙවන අදියර - පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක වන පරිසර නියමු වැඩසටහනට අදාලව  පරිසර නියමු ජනාධිපති පදක්කම් ලබාදීම.
මෙහිදී පාසල් දරුවන් සඳහා පරිසර නියමු ජනාධිපති පදක්කම්  අතිගරු ජනාධිපතිතුමා අතින්  ලබාදීමට යෝජිතය.

ඇ. තුන්වන අදියර  - මහජනතාව දැනුවත් කරන මාධ්‍ය ක්ෂේත්‍ර සඳහා ජනාධිපති සම්මාන ලබාදීම.

       මේ යටතේ කාණ්ඩ   10 ක් සඳහා ජනාධිපති සම්මාන ලබාදීමට බලාපොරොත්තු වේ.

  • පරිසර සංරක්ෂණය සඳහා කටයුතු කරන පුද්ගලයන්.
  • පරිසර සංරක්ෂණය සඳහා කටයුතු කරන හොඳම රාජ්‍ය ආයතනය.
  • පරිසර සංරක්ෂණය සඳහා කටයුතු කරන හොඳම රාජ්‍ය නොවන ආයතනය.
  • පරිසර හිතකාමී නව නිර්මාණකරුවන්
  • පරිසර හිතකාමී ගෘහ නිර්මාණ ශීල්පීන්
  • පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය
  • ගුවන් විදුලි ක්ෂේත්‍රය
  • රූපවාහිනී ක්ෂේත්‍රය
  • පුවත්පත් ක්ෂේත්‍රය
  • පාරිසරික ආකල්ප සහිත ගීතය ඇගයීම ඇතුළත් සංගීත ක්ෂේත්‍රය

ඈ.  හතරවන අදියර

මේ යටතේ 2016.06.03 හා 2016.06.04 දින  වල පරිසර සමුළුව තුළ  පැවැත්වීමට නියමිත වැඩසටහන් මඟින් තෝරාගන්නා පහත අංග වෙතද සම්මාන ලබාදිමට යෝජිතය.

  • හොඳම පර්යේෂණ ලිපිය සඳහා ජනාධිපති සම්මානය.
  • පාසල් ක්ෂේත්‍රය සඳහා පැවැත්වීමට යෝජිත චිත්‍ර, කථික හා රචනා තරඟ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග/ සහතිකපත් ප්‍රදානය.